නරේන්ද්‍ර මෝදි 13 වැනිදා පාර්ලිමේන්තුව අමතයි

3:16 PM Karvin Mendis 0 Comments


ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 13 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි. එදින පස්වරුවේ එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

1987 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ප‍්‍රථම ඉන්දීය නායකයා වන්නේ මෝදි අග‍්‍රාමාත්‍යවරයායි. එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව අමතන ප‍්‍රථම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වන්නේද මෝදි මහතායි.

එතුමා පාර්ලිමේන්තුව අමතන සැසිවාරයේදී එයට සහභාගී වන ලෙස ආණ්ඩුවේ සියලූම මන්ත‍්‍රීවරුන්ට, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව සඳහන් වේ.

0 comments: