තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාතික සම්මාන උළෙල වන NBQSA (National Best Quality ICT Awards) සම්මාන උළෙල පසුගිය 9 වන දා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක‍්ෂණික සමාගමක් වන වන භාෂා ලංකා සමාගම එහිදී සම්මාන ත්‍රිත්වයක් හිමි කරගත් අතර එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක, ධනික පෙරේරා මහතා එහිදී වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයාට හිමි ජාතික සම්මානය (The Most Innovative ICT Entrepreneur of the Year)
හිමිකර ගැනීමට සමත් විය.
මොරටුව සරසවියේ පරිගණක විද්‍යා ඉංජිනේරු උපාධිදාරියෙකු වන ධනික පෙරේරා මහතා විසින් 2011 වසරේ දී භාෂා ලංකා සමාගම ඇරඹා ඇත්තේ ඔහු සරසවියේ තෙවෙනි වසරේ උපාධි අපේක්‍ෂකයෙක්ව සිටි අවදියේය. සරසවි අධ්‍යාපන කාල වකවානුවේ සිටම තම පුද්ගලික දැක්ම ලෙස තම උපන් රටේ ජනතාවගේ අහිවෘද්ධිය උදෙසා කටයුතු කිරිමේ අභිලාශය සිතෙහි ගොඩනගාගෙන තිබූ ඔහු, එම ආදර්ශමත් දැක්ම අද වන විට භාෂා ලංකා සමාගමේ දැක්ම ("Empowering The Masses") බවට පත් කරගෙන සාර්ථකව එය ක්‍රියාවෙහි යොදවමින් සිටියි. ශ්‍රී ලාංකේය ජනතාව වෙත තොරතුරු තාක්‍ෂණය ගෙනයමින් ඔහු සිදුකරන මෙහෙවර අගය කිරීම සඳහා ඔහුට පිරිනැමුනු මෙම සම්මානයට පෙරද ඔහු, වසරේ හොඳම නැගීඑන තොරතුරු තාක්ෂණ නායකයාට හිමි සම්මානය සහ නැගීඑන ව්‍යවසායකයාට හිමි සම්මානයද 2014 වසරේදී හිමි කරගෙන ඇත.
මෙවර NBQSA සම්මාන උළෙලේදී ධනික පෙරේරා මහතා ලද මෙම සම්මානයට අමතරව ඔහු විසින් ආරම්භ කළ භාෂා ලංකා සමාගමට ද තවත් සම්මාන දෙකක් හිමි වූ අතර එම සමාගමේ නිපැයුම් ද්විත්වයක් වන Puvath Reader සහ MobiTV නම් වූ ජංගම දුරකථන ඇප්ලිකේෂනයන් මෙලෙස සම්මානයට පාත්‍ර විය.
MobiTV ජංගම දුරකථන ඇප්ලිකේෂනය මේ වන විට වැඩිම බාගතකිරීම් සංඛ්‍යාවක් ඇති ශ්‍රී ලාංකේය ඇප්ලිකේශනය බවට පත් වී ඇති අතර එමගින් ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකාවන් ජංගම දුරකතනයෙන් සජීවිව සහ පසුව නැරඹීමේ පහසුකම පරිශීලකයන් වෙත ලබා දෙයි. Puvath Reader ජංගම දුරකථන ඇප්ලිකේෂනය ද ශ්‍රී ලාංකීය ජංගම දුරකථන පරිශීලකයින් අතර ජනප්‍රිය ඇප්ලිකේශනයක් වන අතර එමගින් දේශීය සහ විදේශීය පුවත් අති නවීණ Push Notification තාක්ෂණය ඔස්සේ එසැණින් සිංහලෙන්ම ලබාගැනීමේ හැකියාව පරිශීලකයින් වෙත ලබා දෙයි. භාෂා ලංකා සමාගම විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෙම සම්මානනීය තාක්ෂණික විසඳුම් ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් සහ වින්ඩෝස් ෆෝන් දුරකථන සඳහා ඕනෑම අයෙකුට ලබා ගත හැක.
මීට වසර හතරකට පෙර ආරම්භ කරන ලද භාෂා ලංකා සමාගම වර්තමානය වන විට ශ්‍රී ලාංකේය ජනතාවගේ අවශ්‍යතාවයන් මැනවින් හඳුනාගෙන තිබීම සහ ඊට සරිලන අයුරින් ස්වකීය මෘදුකාංග නිර්මාණයන් නිපදවා ඒවා නොමිලේ පරිශීලකයන් හට භාවිත කිරීමට ඉඩ ලබා දිම බෙහෙවින් ප්‍රශංසනීයය. තම නිර්මාණයන් සඳහා නවතම තාක්ෂණය යොදාගැනීම සහ ඒවායේ ගුණාත්මක භාවය මනාව පවත්වාගැනීම නිසාවෙන් ආරම්භයේ සිට වර්තමානය වනතෙක් භාෂා ලංකා සමාගමෙන් බිහිවූ සෑම නිර්මාණයක්ම පාහේ දේශීයව සහ විදේශීයව සම්මානයට පාත්‍ර වී ඇත. m-Billionth දකුණු ආසියානු සම්මාන 2 ක්, ඊ-ස්වාභිමානී ජාතික සම්මාන 4 ක් සහ NBQSA ජාතික සම්මාන 6 ක් මෙසේ ඔවුන් පසුගිය වසර හතර ඇතුළත තම නිපැයුම් සඳහා හිමි කරගෙන ඇත.

තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සඳහා ණය මුදලක් ලෙස රුපියල් මිලියන 2ක් ලබා දුන් බව අද (12) කොළඹ මහාධිකරණයේදී ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' නමැත්තා සාක්ෂි ලබා දෙමින් සඳහන් කර තිබේ.
හෙරොයින් ජාවාරම් කිරීම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' නමැත්තාට එරෙහි නඩුව දිනපතා විභාගයට ගෙන අවසන් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ඊයේ (11) තීරණය කෙළේය.
අද දිනයේ කොළඹ මහාධිකරණයේ දී එම නඩුව කැඳවූ අවස්ථාවේදී වෙලේ සුදා නමැත්තා සාක්ෂි ලබා දෙමින් සඳහන් කර ඇත්තේ ‘පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟ මං වැඩ කළා. වැඩ කරන අවස්ථාවේදි ඡන්දෙට මිලියන දෙකක් ණයට දුන්නා. ඡන්දෙට දුන්නු මිලියන දෙක මම ආයෙත් ඉල්ලුවාට පසු සුදුවෑන් එකකුයි පොලිසියෙනුයි හැම වෙලේම නිවසට එන්න ගත්තා.‘
මහාධිකරණ හමුවේ පැය දෙකක් තිස්සේ 'වෙලේ සුදා' නමැත්තාගෙන් රජයේ නීතිඥවරයා විසින් තවමත් සාක්ෂි විමසමින් සිටින බව වාර්තාවේ.
'වෙලේ සුදා' නමැත්තාගේ වැටලීම සිදු කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් හා රජයේ රස පරීක්ෂකවරයාගේ සාක්කි කැඳවීම ඊයේ (11) ආරම්භ කෙරුණි. 2008/12/14 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකාර වෙලේ සුදා නමැත්තාට එරෙහිව අධිචෝදනා නගා ඇත.
දැනට රහස් පොලිසියේ රැඳවුම් නියෝග මත රඳවා සිටින විත්තිකාර වෙලේ සුදා නමැත්තා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රහස් පොලිස් නිලධාරීන් භාරයේ නඩු විභාගය සඳහා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝකයේ රටවල් වලින් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් මේ වන විට නිකුත් කර තිබෙනවා.
BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් මේ බව හෙළිදරව් කර තිබෙනවා.
මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වෙයි.
එම සිතියමට අනුව ඉදිරි වසර පහ තුලදී අයත් කරගන්නා රටක් ලෙස ලංකාවද ලකුණු කොට තිබෙනවා.
2020 දී මෙම සිතියෙමේ දැක්වෙන රටවල් අත්පත් කරගැනීම සඳහා ISIS සංවිධානය දැනටමත් ප්‍රහාර මෙන්ම සූක්ෂම කටයුතු ආරම්භ කොට ඇති බව පෙන්වාදෙන Andrew Hosken එයට උදාහරණ ලෙස ලිබියාවට, සෞදි අරාබියට, ටියුනිසියාවට එල්ලවූ ISIS ප්‍රහාර පෙන්වා දෙනු ලබයි.

බුඩාපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියට (Budapest Cybercrime Convention) එකතුවීමට ශ්‍රී ලංකාවට ඇරයුමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්‍ෂණයේ නව පියවරක් තබමින් මෙම සම්මුතිය සඳහා දකුණු ආසියා කලාපයෙන් මුල් වරට එක්වීමට සූදානම් වන රට බවට පත්වේ.
මෙරට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට, යුරෝපා කවුන්සිල මහලේකම්වරයා විසින් මෙම සම්මුතියට එක්වීම සඳහා වූ ආරාධනය ලිපියක් ඔස්සේ දැනුම් දී ඇත.
“බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය” යුරෝපා කවුන්සිලයේ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය ලෙසින් ද හැදින්වේ. එසේම සයිබර් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ඇති එකම සම්මුතිය වෙන්නේ ද බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය යි.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ලැබූ දැවැන්ත පිම්මක් ලෙසින් මෙම අවස්ථාව සැලකිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නීය. අන්තර් ජාතික රටවල් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දරණ ආකල්පය මේ තුළින් පෙනී යන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සම්මුතියට ශ්‍රී ලංකාව එක්වීමෙන් සයිබර් අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් විශාල පහසුවක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂක නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
කෙසේ නමුත් මෙම සම්මුතියට එක් වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තවත් භාරදූර කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය, විදේශ කටයුතු අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය එම කටයුතු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීම වැල්ලවත්ත සැවොයි සිනමා හලේ දී සිදු කැරිණි.
ක්‍රිස්තු පූර්ව 89 දී වළගම්බා රජුන්ට දේශීය හා විදේශීය බලකාමී හමුදා විසින් තර්ජන ඇති කිරීමත්, දැඩි නියඟයක් නිසා දොලොස් අවුරුද්දක් ලක්වාසීන් පිඩා විඳීමත්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ආදී සිද්ධින් කිහිපයක් අළලා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.
චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ තිරනාටක රචනය හා උපදේශන අධ්‍යක්ෂණය කළේ සමන් වීරමන් මහතාය.
භාරත ගිහාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂවරයා ය.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු මර්වින් සිල්වා මහතා මින් සුළු මෙහොතකට පෙර රහස් පොලිසියට පැමිණියේය.
සන්ඩේ ලීඩර් පුවත් පතෙහි කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද එහි කැඳවා තිබුණි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයන් ගැන තමන් හොඳින් දන්නා බව මින් පෙර අවස්ථාවකදී ඔහු මාධ්‍යට හෙළි කළේය.