අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කට අවසර

6:45 PM Rasika 0 Comments

අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කට අවසර
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි.
ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට දෙපාර්ශවය අතර ගැටුම් ඇති කර ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවයේම ධීවරයින් හා යාත්‍රා දෙරටේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත නිදහස් කිරීම් ගැන දිනෙන් දින වාර්තා විය.
මෙම වාතාවරණය යටතේ පසුගිය අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා මීට පෙර සාකච්ඡා වට දෙකක්ද පැවැති අතර එම සාකච්ඡාවලදී දෙපාර්ශවය එම කතා බහ අවසන් කළේ එකඟතාවයකින් තොරවය.
එහෙත් මෙවර සාකච්ඡාවලදී දෙපාර්ශවයම ධනාත්මක ලෙස ඊට අවතීර්ණ වී ඇති බව පැවසේ.

0 comments: